Latestදේශීය

ගොඩගම රියඅනතුරකින් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම නවතී 

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්නයේදී සිදුවු රිය අනතුරක් හේතවෙන් කලටුවාව ජලාශයේ සිට ජලය රැගෙන එන නලයක් පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.

ඒ අනුව ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබ ඇත.

අද (17) අලුයම සිට අදාළ අනතුර සිදුවු ස්ථානයේ ජල නලයෙන් විශාල ජල කඳක් ඉහළට විසිකරමින් පවතින අතර ජලයේ වේගය හේතුවෙන් එම ස්ථානය අසල ඇති විදුලි කණුවක්ද මාර්ගයට කඩා වැටී ඇති බව වාර්තා වේ.

මේ අතර අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළු කර තිබේ.

ජල නලය අද (17) පස්වරුව වනවිට සම්පූර්ණයෙන් යථාතත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ලබුගම, කලටුවාව ජලාශයේ මෙහෙයුම් කළමනාකරු පියල් රාජපක්ෂ පවසයි.

මේ වනවිට එම ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?