Latestදේශීය

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය ජූලි 17න් පසු මැතිවරණ කොමිසමට

ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන දවස ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක්ල බාදී තිබේ.

එම ඉඟිය ලබාදෙමින් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ, 2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවය.

එහි සභාපති ආර්.එම්.එල් රත්නායක සඳහන් කරන්නේ, ලබන ජූලි 17 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට සිය කොමිසමට බලය ලැබෙන බවය.

මෙම 2024 ඡන්ද හිමි නාමලේඛණයේ හිමිකම් හා විරෝධතා පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත් ජූලි අග වනවිට 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.

සැප්තැම්බර 17ත් ඔක්තොම්බර් 16ත් අතර කාලයේ අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක වැඩිදුරටත් පවසයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?