ප්‍රජා අයිතිය නැහැ, හරීන්ගේ වේදිකාවට ආවේ සිංදු කියන්න – රංජන් රාමනායක
අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කරන ලද රැස්වීමක වේදිකාවට තමන් ගොඩ වූයේ ගායකුයකු ලෙස පමණක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
තමන් වෘත්තීය ගායකයෙක් බවත් එනිසා තමන් එම ආරාධනාව පිළිගත් බවද පවසන ඔහු තමන්ට රඟපෑමට ආරාධනා කළහොත් සියලුම දේශපාලන පක්ෂ වෙනුවෙන් තමන් එය සිදු කරන බවත් කියා සිටියේය.
දැන් තමනට ප්‍රජා අයිතියෙන් නැති නිසා කල හැක්කේ රංගනය හා ගායනය පමණක් බවද පවසන ඔහු තම ප්‍රජා අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය ඇතුළු කිසිවකු දැන් කතා නොකරන බවද තවදුරටත් පැවසුවේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

