Latestදේශීය

බස්නාහිර මගී ප්‍රවාහන අධිකාරියේ 3ක් හොරපාරෙන් ලොක්කෝ වෙලා

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර   එම තනතුරු ලබාගෙන ඇතැයි   රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර වාර්තාවක් වහාම ලබා දෙන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාට නියෝග කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය දා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *