සෞදි අරාබියේ උණුසුම වැඩිවෙයි – මියගිය සංඛ්‍යාව 14දක්වා ඉහළට
සෞදි අරාබියේ හජ් වන්දනාව අතරතුර දැඩි උණුසුම හේතුවෙන් ජෝර්දාන පුරවැසියන් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජෝර්දානයේ විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ තවත් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.
ඉරාන වන්දනාකරුවන් පස් දෙනෙකුට ද ජීවිත අහිමි වූ බව තහවුරු කර ඇති නමුත් ඔවුන් මිය ගියේ කෙසේදැයි නිශ්චිතව දක්වා නොමැත.
මෙම වසරේ හජ් වන්දනාකරුවන් මිලියන 1.8 කට වැඩි පිරිසක් සහභාගී වී අතර මේ වන විට මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 46 ඉක්මවා තිබෙයි.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

