Latestක්‍රීඩා

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනා

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 මේ වන විට නිල වශයෙන් තේරී පත්ව තිබෙයි.

A කාණ්ඩය යටතේ ඉන්දීය කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායමත් B කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගෙන ඇත.

එමෙන්ම C කාණ්ඩයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායමත් D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමත්  බංගලාදේශ කණ්ඩායමත් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

නමුත් නවසීලන්ත කණ්ඩායම, පාකිස්ථාන කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට 2024 T20 ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදු විය.

මෙම සුපිරි 8 දෙනාගේ තරග වටය කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙන අතර පළමු කාණ්ඩයට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඇතුළත් වන අතර දෙවන කාණ්ඩයට දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඇමරිකාව සහ කොදෙව්වන් අයත් වෙයි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?