Latestදේශීය

කෝටි 2ක සිගරට් සමග පුද්ගලයින් 3ක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද  විවිධ වර්ගයේ  දුම් වැටි එක් ලක්ෂ විසි දහසක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10 හා මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචි (32 – 45) වයසේ පසු වන තිදෙනෙකි.

එහිදී  රුපියල් කෝටි දෙකකට ආසන්න වෙළඳපොළ වටිනාකමකින් යුත් විවිධ වර්ගයේ  නීති විරෝධී දුම් වැටි  120,000 හොර රහසේ ඉතා සූක්ෂමව මෙරටට ගෙන්වා දිවයින පුරා බෙදාහැරීමට සූදානම් කර තිබියදී හමුවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *