පොසොන් සමයේ පාසැල් 12කට නිවාඩු
ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දොළහක් විසි වනදා (20) සිට නිවාඩු ලබාදී තිබෙයි.
පොසොන් සතිය තුළ විශේෂ රාජකාරි සඳහා පැමිණෙන ආරක්ෂක අංශ නිලධාරීන්ට තාවකාලිකව නවාතැන් ගැනීම සඳහා මෙම පාසල් ලබා දීමට උතුරු මැද අධ්‍යාපන අමාත්‍යාංශ පියවර ගෙන ඇත.
ඒ අනුව එළඹෙන විසි වන දා සිට විසි තුන් වන දින දක්වා මෙම පාසල් වලට නිවාඩු ලබා දී තිබේ .
මෙහිදී අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් අනුරාධපුර මධ්‍යම මහා විද්‍යාලය, අ/ ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය, අ/ වලසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය,අ/ විවේකානන්ද මහා විද්‍යාලය , අ/නිවත්තක චේතිය මහා විද්‍යාලය ,අ/ දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය ,අ /මහා බෝධිය විද්‍යාලය ,අ/ සහිරා මහා විද්‍යාලය ,අ/ තන්තිරිමලය විමලඥාන මහා විද්‍යාලය සහා ගලෙන්බිදුනු වැව අධයාපන කලාපයට අයත් අ/ මිහින්තලය මහා විද්‍යාලය ,අ/ කම්ම ලක්කුලම විද්‍යාලය ,අ/ පතිරාජ තෙන්නකෝන් විද්‍යාලය සඳහා නිවාඩු ලබා දී තිබේ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

