Latestදේශීය

සංගීත ප්‍රසංගයකදී නර්ථනයේ යෙදුණු තරුණයෙක් ගෙල කපා ඝාතනය කරයි

(සුමිත් පොතුපිටිය) 

ඇඟලුම් ආයතනයක සේවය කරන තරුණියක එම ආයතනයේම තවත් තරුණයකු සමග සංගීත ප්‍රසංගයකදී නර්තනයක යෙදුණේ යැයි කියන සිද්ධියකට උරණ වූ තරුණියගේ සැමියාගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ  තරුණයා මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.

තම බිරිය සමග ඝාතනය ලක් වූ  තරුණයා සංගීත ප්‍රසංගයේදී නර්ථනයේ යෙදුණු බව කියමින් ඊට උරණවූ ඝාතකයා  අතර හට ගත්  ආරවුලක්  අතර  තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බවද සදහන් වේ.

මියගිය තරුණයා සමග නැටුමට එක් වූ බව කියන තරුණිය හා ඇගේ සැමියාගෙන් වෙන්වී ජිවත් වන බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කියයි.  

ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් දී මෙම සිද්ධිය සිදුව ඇතැයි ද  පොලිසිය සදහන් කරයි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *