Latestදේශීය

සුසිල්ව විශ්වාස නැහැ

නිමල් ලන්සා ප්‍රමුඛ පිරිසක් පිහිටුවාගෙන තිබෙන සන්ධානය තුළ ආරම්භයේදී ම අභ්‍යන්තර පුද්ගලවාදී කුලල් කා ගැනීම් හට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම තත්වය සඳහා මූලික වී තිබෙන්නේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත ය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව හෝ රනිල් වික්‍රමසිංහ තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ලන්සලාගේ සන්ධානයේ සහයෝගය උත්කර්ශවත් ලෙස ප්‍රකාශ කිරීමට සැලසුම් කර ඇත. එම සැලසුම අනුව තිබූ එකඟතාව සුසිල් ප්‍රේමජයන්ත බිඳ දමා ඇති බවත් ඔහු විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකු බවත් එම පිළේ බහුතරයකගේ මතය බවට පත් වී තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍යයට විවෘතව ප්‍රකාශ කර තිබුණේ වැල් පාලමේ මැදක් දුරට අනතුරුදායක තත්වයෙන් රට ගෙන ආ පුද්ගලයාට නැවත වරක් සහයෝගය ලබා දිය යුතු බව ය. මෙම ප්‍රකාශය විවෘතව සිදු කිරීමෙන් පසුව විශේෂයෙන් ම ඇමතිකම් ධුර නොදරන ලන්සා පිලේ සියලුම දෙනා පාහේ එයට විරෝධය පළ කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *