ආන්ඩුවෙන් ඉවත්වෙන්න – රනිල් විජයදාසට පවසයි
ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ඇමති විජයදාස රාජපක්ෂ මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂණ පියදාස මහතා පැවසුවේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළ බවයි.
විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ධුරය දරන අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට ද පත් කර තිබේ.
නමුත් එම ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණය විසින් වාරණ නියෝගයක්ද නිකුත් කර ඇත.
කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් කරන ලද එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

