Latestවිදේශීය

ඉතා භයානක බැක්ටීරියාවක් ජපානයේ – රෝගීන් 1000 ඉක්මවයි

මිනිස් සිරුරේ මාංශපේෂීන් දිය කර හරින ඉතා භයානක බැක්ටීරියාවක් පිළිබඳව ජපානයේන් වාර්තා වේ.

ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති මෙම රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි.

ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් තත්වය ඇති කරන මාංශපේෂී දිය කරන එසේත් නැතිනම් කා දමන බැක්ටීරියාව ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගෙන ඇති බව පැවැසේ.

STSS බැක්ටීරියාවා ආසදනය වී පැය 48ක් ඇතුළත රෝගියා අසාධ්‍ය තත්වයට පත්වන බවත් පැවසේ. ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කර ඇත්තේ ජූනි 2 වන විට (STSS) රෝගීන් 977ක් වාර්තා කර ඇති අතර මරණ අනුපාතය 30% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල සහ වමනය මූලික රෝග ලක්ෂණ බව ජපන් වෛද්‍යවරු හඳුනාගෙන ඇත. ඉන්පසු උගුරේ තුවාල, අවයව අක්‍රියවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය ආදී රෝග ලක්ෂන ඇතිවන බවද ඔවුන් අනාවරණය කරයි.

ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් රෝගී තත්වය ඇති කරන මෙම බැක්ටීරියාව ස්ට්‍රෙප්ටෝකොකල් කාණ්ඩයට අයත් වන බවත් මෙම කාණ්ඩයේ බැක්ටීරියා ඉතා දරුණු මාරක තත්වයක් ඇති කරන බවත් විද්‍යාඥයෝ අවධාරණය කරති.

බැක්ටීරියා ශරීරයට ඇතුළු වී දැඩි වේදනාකාරී විෂ ද්‍රව්‍ය නිපදවන අතර ඉක්මනින් රුධිරයට හා අවයවවලට ඇතුළු වී කෙටි කාලයක් තුළ බහු අවයව අක්‍රීය කර දමයි.

බැක්ටීරියා පැතිරීම වයිරස් මෙන් වේගවත් නොවන නමුත් මෙම බැක්ටීරියාවේ වේගවත් පැතිරීම ගැන තමන්ද දැඩි අවදානයෙන් පසුවන බවත් පිරිසුදුකම පවත්වාගෙන යෑම, නිතර අත් සෝදා පිරිසුදු කිරීම, කැස්ස ඇතිවිට හෝ කිවිසුම් යද්දී නාසය සහ මුඛය ආවරණය කර ගැනීම ආදී හොඳ පුරුදු මගින් මෙම බැක්ටීරියාව ආසාදනය වීම වළක්වා ගැනීමට හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයද නිවේදනය කරයි.

මේ අතර ඕස්ට්‍රේලියාවේ ජීවත්වන තම දියණිය බැලීමට ගිය 74 හැවිරිදි ශ්‍රී ලාංකික මවක්ද මෙම බැක්ටීරියාවට ගොදුරු වී දැඩි අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?