Latestදේශීය

පාලකයෝ IMF කොන්දේසි වලට යට වෙනකොට ජනතාව කබලෙන් ලිපට වැටෙනවා – මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය

මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය විසින් ඊයේ(17) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලද අතර එහිදී එම ව්‍යාපාරය අවධාරන කළේ  IMF තෙවන ණය වාරිකය ලබාදීමත් සමග එහි කොන්දේසි වලට පූර්ණ වශයෙන් යටත් වීම තුළ ඉදිරියේදී ජනතාවට අත්විඳින්නට සිදුවන ආර්ථික පීඩනය සහ අනෙකුත් ප්‍රතිවිපාක පිළිබඳවයි.

ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ කොන්දේසි මත පදනම්ව ක්‍රියා කරන්නට වූ රටවල් වලට එදා මෙදා තුර සිදුවූ විනාශයන් සම්බන්ධයෙන් කරුණු දක්වමින් මෙහිදී මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය අවධාරනය කළේ රටේ ජනතාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින පිඩාවන් වඩාත් තීව්‍ර වෙමින් අනාගතයේ පොදු ජනතාවට හුස්ම ගැනීමට හෝ නොහැකි තත්ත්වය පිළිබඳවයි.

අනාගත පරපුරට හුස්ම ගතහැකි රටක් උරුම කරලීමට නම් වහාම ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ කොන්දේසි වලින් නිදහස් වී ජනතාවාදී ආර්ථිකයකට අවතීර්ණ විය යුතු බව මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය මෙහිදී අවධාරනය කරන ලදි.

මේ වන විට මැති ඇමතිවරු පමණක් කෝටි 65000ක පමණ මුදලක් රාජ්‍ය බැංකුවලට ගෙවීම් පැහැර හැර ඇති බවත් මෙවැනි දූෂණ වංචා මහාපරිමාණයෙන් දෛනිකව සිදුවන බවත්, ව්‍යාජ ලිපි ලේඛණ හරහා රටින් පිටකර ඇති ඩොලර් බිලියන 50කට අධික මුදල නැවත රටට ලබාගැනීමට කිසිදු ආන්ඩුවක් ක්‍රියාකර නැති බවත් අවධාරනය කළ මෙම මාධ්‍ය හමුවේදී ජනතාව මත පදනම්ව ජනතාවාදී ආර්ථිකයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු නැති බව වැඩිදුරටත් අවාධාරනය කරන ලදි.

මෙම මාධ්‍ය හමුවට මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය නියෝජනය කරමින් ආචාර්ය කල්ප රාජපක්ෂ, ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, නීතිඥ නුවන් බෝපගේ යන සහභාගි විය.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?