Latestදේශීය

පොහොට්ටුව කියන විදියට රනිල් ඔටුවෙක්

පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂ පිලේ සහයෝගය රනිල් වික්‍රමසිංහ වෙත ජනාධිපතිවරණයේදී ලබාදීමේ පූර්ව කොන්දේසියක් ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අවම වශයෙන් 20 දෙනෙකු දිනා ගැනීමේ අභියෝගය ඉටු කර ගැනීමට ක්‍රියා කරන අතර දේශපාලන නිරීක්ෂකයන් වෙනත් කරුණු රැසක් පෙන්වා දී තිබේ.

මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ භූමිකාව කුඩාරම තුළට රිංගා ගත් ඔටුවා මෙන් ක්‍රියාකාරීත්වයක් වී ඇතැයි පසුගිය මාසයේ රනිල් හිතවාදියෙකු තබන ලද සටහනක් මගින් තව දුරටත් තහවුරු කර ගෙන ඇති බව වාර්තා වේ.

“ඔටුවා කූඩාරමට රිංගා ගත්තා වගේ පොහොට්ටු ආණ්ඩුවට රිංගූ රනිල් හීන් සීරුවේම පොහොට්ටුවෙන් පදාසයක් තමන්ගේ පැත්තට නම්මා ගැනීමේ“ කටයුතු රනිල් වික්‍රමසිංහ මැනවින් සිදු කර ඇති බව ප්‍රේමකීර්ති රණතුංග පෙන්වා දී තිබිණි. එම තත්වය මේ වනවිට මහින්දානන්ද අලුත්ගමගේ රාජපක්ෂවාදී පිලේ සිටින මන්ත්‍රීවරයෙකුට පහරදීමට තරම් ප්‍රබල තත්වයකට පත් කර ගෙන ඇති බව වෙනත් විශ්ලේෂණ වාර්තාවලින් පෙන්වා දී තිබේ. රෝහිත අබේගුණවර්ධන ඉතා හදිසියේ පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරු ලෙස නම් කිරීමෙන් තහවුරු වන්නේ ද රනිල් වික්‍රමසිංහ බලය තහවුරු කර ගෙන තිබෙන ප්‍රමාණය බව ඔවුන්ගේ මතයයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?