Latestදේශීය

බුද්ධි අංශ වාර්තා කැඳවයි

පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තෝරා ගත් බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු වෙත වගකීම් පවරා විශේෂ බුද්ධි වාර්තාවක් කැඳවා ඇති බව අභ්‍යන්තර තොරතුරු මාර්ගයෙන් වාර්තා වී තිබේ.

මේ වනවිට වාර්තා වී ඇති පරිදි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ලන්ඩන් සංචාරය පිළිබඳව සහ එම පක්ෂයේ විශ්‍රාමික පොලිස් සාමුහිකය පදනම් කර ගෙන එම විශේෂ වාර්තාව කැඳවා තිබේ. ලන්ඩන් සමුළුව සම්බන්ධ සවිස්තර දත්ත මෙන් ම එයින් මෙරට ඡන්දදායකයන් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සම්බන්ධ විද්‍යාත්මක පුරෝකතන ලබා දෙන ලෙස එම විශේෂ කණ්ඩායමට පවරා තිබේ.

ඊට අමතරව, පසුගිය ජූනි 09 වෙනි ඉරිදා පවත්වන ලද විශ්‍රාමික පොලිස් සාමුහිකය සම්බන්ධයෙන් මුලින් ලබා දී තිබූ දත්ත වැරදි බවත්, ඒ සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබා ගැනීමට එලෙස තෝරා ගත් බුද්ධි නිලධාරීන් හට නියෝග කර තිබේ. ජාතික ජන බලවේගයේ පොලිස් සාමුහිකයට එරෙහිව පවත්වන ලද විශ්‍රාමික පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ මාධ්‍ය හමුව ප්‍රචාරය වීමෙන් පසුව සමාජයේ ඇති වී තිබෙන චලනය සහ ප්‍රතිචාර සම්බන්ධයෙන් ද විශේෂ වාර්තාවක් කැඳවා ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *