Latestදේශීය

රනිල්ගේ අරමුණ ව්‍යර්ථ වෙයි – නීතිපති සේවා දිගුව ප්‍රතික්ෂේපයි

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර තිබේ.

නව නීතිපතිවරයෙකු පත් නොකර වත්මන් නීතිපතිවරයාටම සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගනු ලබමින් තිබෙන උත්සාහයට පසුගිය දිනවල දැඩි ලෙස විවිධ පාර්ශ්වවල විරෝධය එල්වන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්දයා යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස රැස්වීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *