Latestදේශීයමතවාද

රනිල් දුන් සඥාව කුමක්ද?

(නීතිඥ නුවන් බෝපගේ)

රනිල් වික්‍රමසිංහ චේතනාන්විතවම ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින පාර්ලිමේන්තුවේදී විවේචනයක් එල්ල කරමින් ඔහුගේ මීලග බලය පිලිබඳ උපක්‍රමික ප්‍රවේශය පිළිබඳව පැහැදිලි ඉඟියක් ලබා දී ඇත. පසුගිය කාලය පුරාවටම ශ්‍රේෂ්ඨාධිකරණය පනත් කෙටුම්පත් කිහිපයක්ම සම්බන්ධයෙන් ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට තීන්දු කරනු ලැබූවද සුළු සංශෝධන සිදුකොට ඒවා සම්මත කරවා ගැනීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා මිස අධිකරණය විවේචනය නොකරන ලදි.

කෙසේ නමුත් අද ද ස්ත්‍රී පුරුෂ සමානත්වය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් පමණක් මෙලෙස උරණ වූ වේශයක් ගැනීමට රනිල් වික්‍රමසිංහට කිසිදු හේතුවක් නැත.

ඒ අනුව පැහැදිලි කරුණ වන්නේ ජන මත විචාරණ වැනි මගඩියක් හරහා ප්‍රජාතන්ත්‍ර විරෝධීව සිය ධූර කාලය දීර්ඝ කරවා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ තවදුරටත් උපක්‍රමයක් තෝරමින් සිටින බවය. එබඳු උත්සාහයක් රනිල් වික්‍රමසිංහ විසින් ගන්නා මුල් අවස්ථාවේදීම එය අභියෝගයට ලක් වනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේදීය.

වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට යම් තර්ජනයක් අද දින උපක්‍රමිකව සිදු කරන ලද්දේ ඔහුගේ එබඳු ඉදිරි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයකදී අධිකරණය තමුන්ට අභිමත පරිදි හසුරුවා ගැනීම සඳහා වූ මූලික පියවරක් වශයෙන් බව පැහැදිලිය. අනෙක් අතට එහිදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දෙන ඉඟිය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නද එම තීන්දු පිළිපැදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව බැඳී නොසිටින බවය.

ඒ අනුව ජනාධිපති මැතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්වනු ඇතැයි විශ්වාස කරමින් ජනතා අරගල, නැගී සිටීම් මොට කරන්නට උත්සාහ ගන්නා ව්‍යාපාර පැහැදිලිවම සිය මැතිවරණ වාදී නිද්‍රාවට තිත තබා ජන අරගලය ශක්තිමත් කරන ප්‍රවේශයක් ගත යුතුමය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?