Latestදේශීය

“රැකියාව අයිතියක්” උපාධිධාරී උද්ඝෝෂණය කොළඹ උණුසුම් කරයි

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ රැකියා විරහිත උපාධාධාරීන්ගේ විරෝධතාවයට පොලීසිය ඊයේ (18) ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

“රැකියාව අයිතියක්” යන තේමාව යටතේ සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් රැකියා විරහිත උපාධිධාරීන් බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට අද දහවල් මෙම විරෝධතාවයේ නිරත වුණි. 

ඔවුන් පෙන්වා දුන්නේ උපාධිධාරීන් 40,000ක් පමණ මෙරට රැකියා නොමැතිව සිටින බවය. 

කෙසේවෙතත්, විරෝධතාකරුවන් විසිර නොයෑම නිසා පොලීසිය ජල හා  කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණි. 

මාර්ගයේ ධාවනය කළ මෝටර් රථවලට හා භාණ්ඩ හා ලිපිද්‍රව්‍ය ප්‍රවාහන සේවා සපයන යතුරුපැදිවලට පවා එහිදී ජල ප්‍රහාර එල්ල විය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *