ලිංගික දර්ශන අලෙවිකළ 4 දෙනෙක් අත්අඩංගුවට
ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කළ මහා පරිමාණ මුදල් ඉපැයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පිළියන්දල පොලිසිය පවසයි.
පිළියන්දල පොලිසියට ලද තොරතුරකට අනුව පිළියන්දල බටකැත්තර කෝංගහවත්ත පාර දෙවන පටුමග කුලී නිවසක පදිංචි තරුණ අඹුසැමි ජෝඩු මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
අත්අඩංගුවට ගත් තරුණ අඹුසැමි ජෝඩු දෙකෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කොල්ලුපිටියේ පදිංචි තරුණ යුවළ විසින් ඉකුත් මාර්තු මාසයේදී මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෙම නිවස කුලියට ගෙන ඇත.
පොලිසිය වැටලීම කරන අවස්ථාවේ මෙහි තවත් යුවළක් සිට ඇති අතර ඔවුන් ද මේ ජාවාරමට සෘජුවම දායක වී ඇති බව තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.
වයස 22;23.26,27 පසුවන සැකකාර අඹුසැමි ජෝඩු දෙක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

