වතුකරයේ උපාධිධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරයි
(රංජිත් රාජපක්ෂ)
වතුකරයේ රැකියා විරහිත උපාධිදාරින් පිරිසක් රජයේ රැකියා වලට තමන්ව බදවා ගන්නා ලෙසට බල කරමින් හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය.
මහනුවර , නුවරඑලිය , බදුල්ල යන දිස්ත්‍රික්ක වල පදිංචි උපාධිදාරින් හැටන් බස් නැවතුම්පොල අසලදි උද්ඝෝෂණයක නිරතව සිට පසුව එම උපාධිදාරින් හැටන් නගර මධ්‍යයෙන් හැටන් මල්ලිඅප්පුව මංසන්ධිය දක්වා පාගමනින් ගොස් එහිදි උද්ඝෝෂණයක නිරත විය.
උද්ඝෝෂණයේ නිරතව සිටි වතුකරයේ පදිංචි උපාධිදාරින් කියා සිටියේ වතු පාසල් වල පවතින ගුරු පුරප්පාඩු පිරවිම සදහා අපොස උසස්පෙල විභාගය සමත් අය බදවා ගැනිමට අධ්‍යාපන අමාත්‍යංශය මගින් චක්‍රලේඛණයක් නිකුත් කර ඇති බවත්, එම අයට වඩා තමන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල අගයක පවතින නිසා එම ගුරු පුරප්පාඩු සදහා මධ්‍යම සහ ඌව පළාතේ රැකියා විරහිත උපාධිදාරින්ව ගුරුවරුන් ලෙස බදවා ගන්නා ලෙසයි.
මධ්‍යම සහ ඌව පළාතේ පමණක් වතුකරයේ රැකියා විරහිත උපාධිදාරින් 1250 දෙනෙකු පමණ සිටින බවත්, එම පිරිස උපාධිය අවසන් කර වසර ගණනාවක් ගත වි ඇතත් , එය උපාධිදාරින්ට රජයේ රැකියාවක් නොලැබිම හමුවේ තමන් දැඩි පිඩාවට පත් වි ඇති බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි වතුකරයේ රැකියා විරහිත උපාධිදාරින් කියා සිටියේ.
බදුල්ල දිස්ත්‍රික් පා.ම වඩිවේල් සුරේෂ් මහතා වතුකරයේ සැලකිය යුතු උපාධිදාරින් පිරිසක් නොසිටින බවට පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කර ඇති බවත්, එම ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි උද්ඝෝෂණයේ නියැලි වතුකරයේ රැකියා විරහිත උපාධිදාරින් කියා සිටියේ.
වතුකරයේ සේවය කරන තම දෙමව්පියන් ලබා ගන්නා සුළු වැටුපෙන් ඉහල අධ්‍යාපනයක් ලැබුවේ එම දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරිමට බවත්, පවත්නා තත්ත්වය මත දෙමව්පියන්ට තවදුරටත් තමන්ව රැක බලා ගැනිමට සිදු වි ඇති බවයි උද්ඝෝෂකයන් කියා සිටියේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

