Latestදේශීය

හිටපු යුද‌ හමුදා මේජර්වරයෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සති අග ඉංග්‍රීසි පුවත්පත්වල මංගල දැන්වීම් පළකර පියකු සහ පුතෙකු ලෙස  ද්විත්ව රංගනයක යෙදෙමින්  මත්ද්‍රව්‍ය  වලට පුනරුත්ථාපන  වූ පුද්ගලයෙකුගේ හැඳුනුම්පත යොදාගෙන මුදල් වංචාවේ යෙදුණු සේවය අත්හැර ගිය යුද හමුදා මේජර්වරයෙකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු වංචාව සඳහා යොදාගත් ජංගම දුරකථන දෙකක් රවුටරයක් සහ ලැප්ටොප් පරිගණකයක් පොලිස් භාරයට ගෙන ඇත.

මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ඇති 28 හැවිරිදි  එකම පුතුට  කොළඹ ප්‍රදේශයෙන් රූමත් මනමාලියක් බලාපොරොත්තු වන බවට පියා වශයෙන් හඳුන්වා  සති අග ඉංග්‍රීසි  පුවත්පතක සැකකරු පළ කර තිබූ මංගල දැන්වීමකට  කොළඹ ප්‍රදේශයේ රජයේ විශ්‍රාම ලැබූ ධනවත් යුවළකගේ විශ්ව විද්‍යාලයක අවසන් වසරේ සිසුවියක් වන එකම දියණියකගේ මවක් එම මංගල දැන්වීමේ තිබූ දුරකථන අංකයකට කතා කර අදහස් හුවමාරු කරගෙන තිබූ බව පොලිසිය කියයි.

දෙපාර්ශවයේ අදහස් මූලිකව ගැලපෙන බැවින් පුතුගේ ඡායාරූපයක් එවන ලෙස දැනුම් දීමෙන් අනතුරුව වට්සැප් තාක්ෂණය ඔස්සේ කඩවසම් තරුණයකුගේ ඡායාරූපයක්  සැකකරු විසින් එම යුවළ වෙත එවා තිබූ බව පොලිසිය කියයි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *