Latestදේශීය

ආන්ඩුවට අනුව රට ගොඩ දැම්මා – IMF කියන්නේ රට තවමත් අනතුරක බව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන විස්තීරණ ණය පැකේජයේ තුන්වන වාරිකය නිදහස් කරමින් ආර්ථිකය තවමත් අනතුරුදායක තත්වයක පවතින බව පැහැදිලිව ප්‍රකාශ කර තිබිණි.

එම ප්‍රකාශය සඳහා මූල්‍ය අරමුදල යොදා ගෙන තිබූ නිර්ණායකවලට අමතරව, විශේෂ දත්තයක් විගණකාධිපති වාර්තාවෙන් හෙළිකර තිබේ. 2023 වර්ෂය වෙනුවෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ වාර්ෂික වාර්තාවට අන්තර්ගත කර තිබෙන විගණන වාර්තාවෙන් හෙළිකර තිබෙන්නේ සමාලෝචිත වර්ෂයේදී රජයේ සමස්ත ආදායමෙන් 79.73%ක් පොලී ගෙවීමට වැය වී ඇති බවයි. මෙම ප්‍රමාණය වැය වී තිබෙන්නේ ඇතැම් ණය වාරික සහ පොලී ගෙවීම් අත්හිටුවා තිබෙන පසුබිමක බව ද විගණන වාර්තාව තුළ අවධාරණය කර ඇත.

පොලී ගෙවීම සම්බන්ධයෙන් 2023 වර්ෂයේ සංඛ්‍යාත්මක අගයන් පහත දැක්වෙන පරිදි වේ.

රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 3,079ක් වූ අතර ණය පොලිය ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 2,455ක් වැය කර තිබිණි. මේ අනුව රජයේ ණය සඳහා පොලී ගෙවීමට පමණක් දිගින් දිගටම අති විශාල ධනස්කන්දයක් වැය කිරීමට සිදු වී තිබේ.

එහෙත් මූල්‍ය අරමුදලේ අනතුරු ඇඟවීම සඳහා මෙම දත්ත යොදා ගත් බව හෙළි වී නැත. එම අරමුදල විශේෂයෙන් ම අවධාරණය කර තිබුණේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත නොකර තිබෙන තත්වය නිසා ආර්ථිකය අනතුරු දායක මට්ටමින් මිදී නොමැති බව ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *