එක්සත් සමගි බලවේගය ගැන ගම්මන්පිල කියයි
(ආරියරත්න රණබාහු)
එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ සජිත් පේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුරදිසානායක යන අය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්පත් නාස්ති කිරීමක්යැයි සර්ව ජන බලය සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය
එම නිසා කළ යුතු වන්නේ පක්ෂ තුනේ නම් වල කොටස් එකතු කොට එක්සත් සමගි බලවේගය නමින් පක්ෂයක් බිහිකර එමගින් එක් අපේක්ෂකයෙක් පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම යැයි හෙතෙම කීය.
එසේ කීමට හේතුව මෙම තිදෙනා ගේම ප්‍රතිපත්ති සමාන නිසා යැයි කී ඒ මහතා ඔවුන්ගේ මේ එකම කැරට් අලය එක් අයෙක් සම්බෝලයටද තවත් අයෙක් කිරටද අනිකා මිරිසටද සකස් කොට ජනතාවට කැවීමට සූදානම් වෙමින් සිටින්නේ යැයි සඳහන් කළේය.
ඒ මහතා මේ අදහස් පල කලේ අද කොළඹ පැවැති සර්වජන බලය සංවිධානයේ මාධ්‍ය හමුවේදීය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ දිලිත් ජයවීර යන මහත්වරුද අදහස් දැක්වූහ
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

