Latestදේශීය

චීන ජාතිකයින්ට ඉඩක් නැහැ – ඩග්ලස් දේවානන්ද

(බුද්ධිකා ඉඹුලාන)

යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කුඩැල්ලන් වගා කිරීමට මින් ඉදිරියට චින ජාතිකයන්ට අවසර ලබානොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

යහපාලන රජය සමයේ එක් චීන සමාගමකට මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමට අවසර ලබා දී තිබුණ ද වර්තමානයේ දී එම ආයතනයේ ද බලපත්‍ර අවලංගු කිරීමට තමා කටයුතු කළ බවත්

දේවානන්දා මහතා පවසයි.

යාපනයේ දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකරුවන් සමඟ පෙරේදා (17)පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බැව් ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මුහුදු කූඩැල්ලන් වගා කිරීමෙන් යාපනය ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථීක තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා පියවර ගන්නා බව ද වගාකරුවන් මුහුණ පා සිටින ප්‍රයෝගික ගැටලුවලට විසඳුම් ලබාදීමට තමන් පියවර ගන්නා බවත්ය.

මුහුදු කූඩැල්ලන් වගාව මේ වන විට විශාල වශයෙන් දියුණුවට පත් වී ඇති බව ප්‍රකාශ කළ ඇමැතිවරයා මේ පිළිබඳව අසත්‍ය ප්‍රකාශ කරන ජනතාද්‍රෝහි දේශපාලනඥයන්ගේ බොරුවලට රැවටීමට අවශ්‍ය නැති බව ද කීය.

පසුගිය කාලයේ ජනතාව විවිධ ආණ්ඩු විරෝධි දේශපාලනඥයන් විසින් මුහුදු කූඩැල්ලන් වගාව පිළිබඳ වැරදි ප්‍රචාරය කරමින් ජනතාව එම රැකියාවෙන් ඉවත් කිරීම නිසා වු විනාශය නිසා මේ ප්‍රදේශයේ ජනතාවගේ ජිවනෝපාය පසුබෑමකට ලක්වුණු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.මින් පසු එම ජනතාව මේ ආණ්ඩු විරෝධි දේශපාලනඥයන්ගේ වචනවලට නොරැවටෙන බව තමන්ට විශ්වාස බව ද ඇමැතිවරයා කීය.

ධීවර දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් අධ්‍යක්ෂ සුදාකරන්,නැක්ඩා ආයතනයේ උතුරු පළාතේ නියෝජය අධ්‍යක්ෂ නිරුප රාජ්,වේලෛනයි ප්‍රාදේශිය ලේකම් සිවකරන් ඇතුළු නිලධාරිහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?