Latestක්‍රීඩාදේශීය

මීටර් 600 ආසියානු වාර්තාව තරුෂිට

ස්පාඤ්ඤයේ පැවති ලෝක මළල ක්‍රීඩා C ඛාන්ඩයේ තරගාවලියකදී මීටර් 600 ආසියානු වාර්තාව තැබීමට තරුෂි කරුණාරත්න සමත් වුණා. එම තරගයේදී දෙවන ස්ථානයට පත්වූ තරුෂි විනාඩි 1:24.84 කින් තරගය අවසන් කරමින් මෙලෙස ආසියානු වාර්තාව හිමිකර ගැනීමට සමත් වුණා.

2024 ජූලි, අගෝස්තු මාසවලදී පැරිස් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට අපේක්ෂාවෙන් පසුවන තරුෂි කරුණාරත්න හට මෙම විශිෂ්ඨ ධාවන ප්‍රතිඵලය උත්තේජනයක් සපයනු ඇති බව තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතා CMN සමඟින් පැවසුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *