Latestදේශීය

රනිල් නම් “මම” සහ ශ්‍රේෂ්ඨාධිකරණය

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාදායකය තුළට පැමිණ විධායකයේ බලතල උපයෝගී කර ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ එහි විනිසුරුවරයන්ට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු නීති සංවිධාන සහ නීති ප්‍රවීණයින්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

ඒ සියලු දෙනා පෙන්වා දී තිබෙන පොදු හරය වන්නේ, මෙය ඉතාමත් භයානක පූර්වාදර්ශයක් කර ගනු ඇති බවයි. එමෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කර ගනිමින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය විධායකය සහ ව්‍යවස්ථාදායකයේ කොටසක් ඒකාබද්ධව අධිකරණයට කරනලද ඓතිහාසික බලපෑමක් බවද පෙන්වා දී ඇත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරන ලද ප්‍රහාරාත්මක ප්‍රකාශයේදී “මම කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තවත් ශක්තිමත් කර පාර්ලිමේන්තුව වෙනුවෙන් බලය ලබා දීම පමණයි” යන්න සම්පූර්ණයෙන්ම ව්‍යාජයක් සහ ඉතා බරපතල අනතුරු හැඟවීමක් බව නීති ප්‍රවීණයෝ මත පල කරමින් සිටිති. “මම” යනුවෙන් හඳුන්වන තනි පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ශක්තිමත් කිරීමත් සිදු කරන්නේ කෙසේද? එමෙන්ම පාර්ලිමේන්තුව වෙනුවෙන් බලය ලබා දීම සිදු කරන්නේ කෙසේ දැයි දැඩි ලෙස ප්‍රශ්න කර සිටී.

වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුව පමණක් නොව විධායක ජනාධිපති තෝරාගන්නේද මහජනතාව සතු පරමාධිපත්‍ය බලයෙන් වන බවයි. එහි කොටසක් අධිකරණයටත් පවරා දී ඇත්තේ ජනතාව මිස “මම” යනුවෙන් හඳුන්වන කවර හෝ පුද්ගලයෙකු නොවන බව අවධාරණය කර ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *