Latestවිදේශීය

ඉන්දියාවේ පළමු බහුජාතික ගුවන් අභ්‍යාසය අගෝස්තු මාසයේදී 

මේ  වසර අග­භා­ග­යේදී ඉන්දීය ගුවන් හමු­දාව එරට පළ­මු­ව­රට බහු­ජා­තික ගුවන් අභ්‍යා­ස­යක්  සිදු කිරී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  අමෙ­රි­කාව, බ්‍රිතා­න්‍යය, ඔස්ට්‍රේ­ලි­යාව, ප්‍රංශය,  ජර්ම­නිය, ජපා­නය, සිංග­ප්පූ­රුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය රට­වල ගුවන්  හමුදා එම දැවැන්ත ගුවන් අභ්‍යා­ස­යට එක්වී­මට නිය­මිත බව ද විදෙස්  මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම ගුවන් අභ්‍යා­ස­යට ක්වෝඩ්, නේටෝ වැනි  ජාත්‍ය­න්තර සංවි­ධා­න­ව­ලට අයත් රට­වල් ද, යුරෝ­පයේ ප්‍රබ­ල­තම රට­වල් ලෙස  බ්‍රිතා­න්‍යය, ප්‍රංශය හා ජර්ම­නිය ද එක්වන අතර,  ‘තරං ශක්ති – 2024‘ නමින් පැවැ­ත්වී­මට නිය­මිතය. අදි­යර දෙක­කින් යුතුව  පැවැ­ත්වෙන බහු­ජා­තික ගුවන් අභ්‍යා­සයේ පළමු අදි­යර ලබන අගෝ­ස්තුවේ පළමු දෙස­තිය  තුළ දකු­ණු­දිග ඉන්දි­යාවේ පැවැ­ත්වෙන අතර, දෙවැනි අදි­යර අගෝස්තු මස අව­සන්  භාගයේ දී ඇරඹීමට නියමිතය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *