ඉන්දියාවේ පළමු බහුජාතික ගුවන් අභ්‍යාසය අගෝස්තු මාසයේදී
මේ වසර අගභාගයේදී ඉන්දීය ගුවන් හමුදාව එරට පළමුවරට බහුජාතික ගුවන් අභ්‍යාසයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය රටවල ගුවන් හමුදා එම දැවැන්ත ගුවන් අභ්‍යාසයට එක්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම ගුවන් අභ්‍යාසයට ක්වෝඩ්, නේටෝ වැනි ජාත්‍යන්තර සංවිධානවලට අයත් රටවල් ද, යුරෝපයේ ප්රබලතම රටවල් ලෙස බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය ද එක්වන අතර, ‘තරං ශක්ති – 2024‘ නමින් පැවැත්වීමට නියමිතය. අදියර දෙකකින් යුතුව පැවැත්වෙන බහුජාතික ගුවන් අභ්‍යාසයේ පළමු අදියර ලබන අගෝස්තුවේ පළමු දෙසතිය තුළ දකුණුදිග ඉන්දියාවේ පැවැත්වෙන අතර, දෙවැනි අදියර අගෝස්තු මස අවසන් භාගයේ දී ඇරඹීමට නියමිතය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

