Latestදේශීය

කැසිනෝ සල්ලි වලින් හදන ස්මාර්ට් ක්ලාස් රූම්

කැසිනෝවලින් උපයා ගත් කළු සල්ලි සුදු කරමින් ඇතැම් පිරිස් ස්මාර්ට් ක්ලාස් රූම්ස් නිර්මාණයට මුදල් යෙදවීම සිදු කළත් ආණ්ඩුවට එසේ කළ නොහැකි බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුවෙන් වෙන් කරන රුපියල් මිලියන 8750ක මුදල මැතිවරණයට නොයොදවා ස්මාර්ට් ක්ලාස් රූම්ස් නිර්මාණයට යෙදවිය හැකි බවට ප්‍රකාශ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැති- වරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

‘ගුරු වැටුප් ලබාදීමටම සියයට 90ක පුනරා- වර්තන වියදමක් යනවා. ප්‍රාග්ධන යෙදවුම් තිබෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. විෂමතාව ඉවත් කිරීමට ගියොත් කිසිවක් කළ නොහැකියි. එක පැත්තකින් දේශපාලඥයන් කියනවා විෂමතාව ඉවත් කරන්න කියලා. ඡන්ද ගැනීමට තමයි ඒකත් කරන්නේ.

ගුරු වැටුප් විෂමතාව ගැන කතා කරන ගමන් ආයේ කිය නවා ස්මාර්ටි ක්ලාස් රූම් හදන්න ඕන කියලා. ඔව් ඒවා ඔක්කෝම කරන්න ඕනෑ. ඒ සියල්ලම කරන්න අපිට කළමනාකරණය කරන්න තිබෙන්නේ මේ ලබාදී තිබෙන මුදල් ප්‍රමාණය විතරයි.

විපක්ෂ නායකවරයා කියන විදියට රුපියල් මිලියන 8750 ක මුදල මට ලැබෙනවා නම් අධ්‍යාපන සංවර්ධන කටයුතුවලට යොදවා එමඟින් මැතිවරණය සඳහා විශාල බලපෑමක් කරනවා.’

– Repoter


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *