Latestදේශීය

ගංජා ජාවාරමේ යෙදුනු පොලිස් සැරයන්ට ඇප නෑ

අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ සේවයේ නිර­ත­වන අතර කාල­යක සිට ගංජා ජාවා­රමේ යෙදුණු බවට වන චෝද­නාව මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය මඟින් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් සැර­ය­න්ව­රයා ඕනෑම ඇප කොන්දේ­සි­යක් මත මුදා හරින ලෙසට නීති­ඥ­යන් කළ ඉල්ලී­මක් අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සහ අති­රේක දිසා විනි­සුරු නාලක සංජීව ජය­සූ­රිය මහතා යළි ප්‍රති­ක්ෂේප කළේය. අත්අ­ඩං­ගු­වට පත්වන අව­ස්ථාවේ ගංජා කිලෝ එකයි ග්‍රෑම් නව සිය­යක් සැක­කරු සන්ත­කයේ තිබිණි.

සැක­කරු යළි මෙම මස 25 දින දක්වා රිමාන්ඩ් කිරී­ම­ටද නියෝග කෙරිණ.

මෙම සිද්ධි­යට අදාළ නඩුව යළි කැඳවූ අව­ස්ථාවේ අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් ඔහු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­යින් ඉල්ලා සිටියේ සැක­ක­රුට එරෙ­හිව පව­තින ගංජා ජාවා­රම් කිරීමේ චෝද­නාව ඉවත් කරන ලෙසයි.

සැක­කරු ඕනෑම ඇප කොන්දේ­සික් මත මුදා හරින ලෙස­ටද නීති­ඥ­යන් කළ ඉල්ලීම තරයේ ප්‍රති­ක්ෂේප කළ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා සැක­ක­රුට ගංජා ජාවා­රම් කිරීමේ චෝදනා පව­තින බැවින් ඔහුට ඇප ලබා දීමට තම අධි­ක­ර­ණ­යට බල­යක් නැති බවද කීවේය.

සැක­කාර පොලිස් සැර­ය­න්ව­ර­යාගේ සහ ඔහුගේ බිරි­යගේ නමින් මෙරට සියලු බැංකු­වල පව­තින ගිණු­ම්ව­ලට අදාළ විස්තර නොප­මාව මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශ­යට ලබා දෙන ලෙස­ටද මහ බැංකුවේ කළ­ම­නා­කා­රි­ත්ව­යට මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

මෙසේ රිමාණ්ඩ් කෙරුණේ අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශ­යට අනු­යු­ක්තව සේවය කළ ගලෙ­න්බි­ඳු­නු­වැව උල්ප­ත්ගම ස්ථීර ලිපි­නයේ සහ අනු­රා­ධ­පුර පොලිස් නිල නිවාස තාව­කා­ලික ලිපි­නයේ පදිංචි ඩග්ලස් අප්පු­හාමි නමැති පොලිස් සැර­ය­න්ව­ර­යෙකි. සැක­කාර පොලිස් සැර­ය­න්ව­රයා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථාවේ පැමි­ණිල්ල වෙනු­වෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ වැඩි­දුර වාර්තා­වක් මඟින් කියා සිටියේ සැක­කරු සහ ඔහුගේ බිරිය සතුව විශාල වත්කම් ප්‍රමා­ණ­යක් ඇති බවට විම­ර්ශන නිල­ධා­රීන් සැක කරන බවය.

ගංජා කිලෝ එකයි ග්‍රෑම්ස් නව­සි­ය­යක් යතුරු පැදි­ය­කින් ප්‍රවා­හ­නය කර­මින් සිටි­යදී මත් ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් සැක­කාර පොලිස් සැර­ය­න්ව­රයා අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ අනු­රා­ධ­පුර ගුව­න්තො­ටු­පළ පාරේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තිළිණ හේවා­ප­ති­රණ මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සියේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන කරු­ණා­නන්ද වන්නි­නා­යක සහ එච්.එම්. හේරත් සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ නිල­ධා­රීන් පෙනී සිටි අතර සැක­කරු වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජ­ක­රුණා මහතා පෙනී සිටි­යේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?