ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි – මහින්ද දේශප්‍රිය
සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 16 අතර කාලසීමාව තුළදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
VIEW මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ මාධ්‍ය හමුවට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිව්‍ය ලෝකය ඔළුවට කඩන් වැටුණත් ජනාධිපතිවරණය කල්දැමීමට බැරි බවය.
“මැතිවරණ නීති බලාත්මකව තිබෙන කාලයේදී බෙදාදීම් සිදුකිරීම වැරදියි. දේශපාලන පක්ෂවලට වාසි සහගත කිසිදු දෙයක් කිරීම වැරදියි. මෙවැනි බෙදාහරින තැන්වලදී කොමිෂන් සභාව සහ නිරීක්ෂණ සංවිධාන ඉස්සර වගේ බැනර් එකක් ගැසිය යුතුයි..”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

