Latestදේශීය

තරුණියකගේ ඡායාරූපයකට නිරුවත් ඇඟ කොටසක් බද්ධ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

මංගල යෝජ­නා­වට අක­මැති වූවා යයි උරණ වී කොළඹ ප්‍රධාන පෙළේ වෙ‍ෙළඳ ප්‍රද­ර්ශ­නා­ගා­ර­යක සේවය කළ 19 හැවි­රිදි රූමත් වෙළෙඳ සහා­යි­කා­වගේ මුහුණ යොදා නිරු­වත් ඡායා­රූ­ප­යක් බද්ධ කර අන්ත­ර්ජා­ල­යට මුදා­හැරි 36 හැවි­රිදි වැඩ පරී­ක්ෂ­ක­ව­ර­යෙක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වේය.

සැක­කරු සන්ත­කයේ තිබී නිරු­වත් ඡායා­රූ­පය අඩංගු ජංගම දුර­ක­ත­නය, එය සකස් කිරී­මට යොදා­ගත් මෘදු­කාං­ගය හා කාන්තා­වන්ගේ නිරු­වත් ශරීර කොටස් ඇතු­ළත් ඡායා­රූප රැසක් පොලිස් භාර­යට ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ වැඩ පරී­ක්ෂ­ක­ව­රයා දැඩි ලෙස මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වී පුන­රු­ත්ථා­ප­නය වූ  අයුකු බව පොලි­සිය කියයි.

පෑලි­ය­ගොඩ ප්‍රදේ­ශයේ පදිංචි 19  හැවි­රිදි තරු­ණිය පරි­ග­ණක අප­රාධ කොට්ඨා­සය වෙත කරන ලද පැමි­ණි­ල්ලක් අනුව කළ දීර්ඝ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

එකම ආය­ත­නයේ සේවය කරන පැමි­ණි­ලි­කා­රිය සැක­ක­රුට යම් යම් අව­ස්ථා­වල මුදල් ලබා දී ඇති අතර ඔවුන් ඉතා කුළු­ප­ගව රාජ­කාරි කට­යුතු සිදු­කර ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

සැක­කරු වෙළෙඳ සේවි­කාව කෙරෙහි ඇල්මක් ඇති­ක­ර­ගෙන සබ­ඳ­තා­වක් ගොඩ­නඟා ගැනී­මට උත්සාහ දරා ඇති අතර වෙ‍ෙළඳ සේවි­කාව එයට අක­මැති වීමෙන් අන­තු­රුව සැක­කරු ඇයගේ මුහුණේ ඡායා­රූ­ප­ය­කට  නිරු­වත් කාන්තා­ව­කගේ ශරී­රය බද්ධ කර ඡායා­රූ­ප­යක් සකසා ඇය සමා­ජයේ නරක ගැහැ­ණි­යක් ලෙස ආය­ත­නයේ අනෙ­කුත් සේවක සේවි­කා­වන්ට මෙන්ම නිල­ධා­රීන්ට ද පෙන්වා වට්ස්ඇප් තාක්ෂ­ණය ඔස්සේ මුදා­හැර ඇති බව විම­ර්ශ­න­ව­ලදී වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී යැයි පොලි­සිය සඳ­හන් කරයි.

සැක­කරු සිදු කළ පහත් ක්‍රියාව සම්බ­න්ධ­යෙන් අදාළ වෙ‍ෙළඳ ප්‍රද­ර්ශ­නා­ගා­රයේ ප්‍රධාන පරි­පා­ලන නිල­ධා­රීන් ද දැනු­ම්වත් වි සිටි බවට විම­ර්ශ­න­ව­ලදී වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී ඇත.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වෙ‍ෙළඳ ප්‍රද­ර්ශ­නා­ගා­රයේ හය දෙන­කු­ගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනුණි.

සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. පරි­ග­ණක අප­රාධ කොට්ඨා­සයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි දර්ශිකා කුමාරි ස්ථානා­ධි­ප­තිනි පොලිස් පරී­ක්ෂක, නදීකා දිසා­නා­යක මහ­ත්මීන්ගේ උප­දෙස් මත උප පොලිස් පරී­ක්ෂක ඉසුරු ගුණ­ති­ලක පොලිස් කොස්තා­පල් කේෂාන්  හා හේවගේ මහ­ත්වරු  පරී­ක්ෂණ පව­ත්වති.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *