Latestවිදේශීය

ෆයිසර් එන්නතට නඩු

කොවිඩ්  වයි­ර­ස­යට එරෙ­හිව නිෂ්පා­ද­නය කළ ෆයි­සර් එන්න­ත්ක­ර­ණ­යෙන් සිදු­වන අතුරු ආබාධ සහ  අව­දා­නම සඟවා ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කර­මින් එම ප්‍රාන්තයේ පාරි­භෝ­ගික  ආර­ක්ෂණ නීතිය උල්ලං­ඝ­නය කළ බවට චෝදනා කර­මින් අමෙ­රි­කාවේ කැන්සාස් ප්‍රාන්ත  බල­ධා­රීන් ෆයි­සර් සමා­ග­මට එරෙ­හිව නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය..   ෆයි­සර් එන්න­තෙහි සෞඛ්‍ය ආර­ක්ෂි­ත­භා­වය අභි­යෝ­ග­යට ලක් කර­මින්  කැන්සාස්  ප්‍රාන්තයේ නීති­ප­ති­ව­රයා වන ක්‍රිස් කොබැච් තෝමස් කවුන්ටි හි දිස්ත්‍රික්  උසා­වියේ එම නඩුව ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ෆයි­සර්  එන්නත ආර­ක්ෂිත බවට ප්‍රකාශ කර­මින් එහි අතුරු ආබාධ පිළි­බඳ අධ්‍ය­යන­යන  කිරී­ම­කින් තොරව ජන­තාව නොමඟ යවා ඇතැයි ද කැන්සාස් නීති­ප­ති­ව­රයා චෝදනා කර  ඇතැයි ද වාර්තා වේ. ෆයි­සර් සමා­ගම සිය එන්න­තෙහි ආර­ක්ෂි­ත­භා­වය ප්‍රව­ර්ධ­නය  කළද, එහි  ගැබ්ගැ­නීමේ සංකූ­ලතා, ගබ්සාවීම් සහ හෘද රෝග වැනි අතුරු ආබාධ  රැසක් සිදු­වන බව ද චෝදනා අතර වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *