Latestදේශීය

ජපානයේ බැක්ටීරියා සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ – වෛද්‍ය සමිත ගිනිගේ

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසයි.

ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පවසන්නේ,

“ඒක සාමාන්‍ය ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්වයක්. කලාතුරකින් එකේ ප්‍රතිඵලයක් සහ සංකූලතාවයක් විදිහට මාරාන්තික තත්වයකට යන්න පුළුවන්. ජපානය වාර්තා කරලා තියෙන්නේ බැක්ටීරියා තත්වයෙන් ඇතිවෙන සංකූලතා තත්වයේ යම් වැඩිවීමක් මෑත කාලයේ නිරීක්ෂණය කළා කියලා.

ඒ වගේම තමයි ප්‍රතිජීවක ඖෂධවලින් මේක වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි කලාතුරකින් ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියා තියෙන්න පුළුවන්. එකේ මහා පැතිරීමක් සිද්ධවෙයි කියලවත්, අපේ රටට බලපෑමක් ඇතිවෙයි කියලවත් අනියත බියක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් නැහැ.” යනුවෙනි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *