Latestවිදේශීය

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාව කැනඩාවේ ත්‍රස්තවාදී ලැයිස්තුවට

වසර කිහිපයක සිට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සහ ඉරාන හිතවාදී සමාජ ක්‍රියාකාරී කණ්ඩායම්වලින් එල්ලවූ බලපෑම්වලට අවනත වෙමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී හමුදාව ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමට කැනඩාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් එරට මහජන ආරක්ෂක ඇමැති ඩොමිනික් ලේබ්ලැන්ක් ප්‍රකාශ කර ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි සටනට එය වැදගත් පියවරක් බවය.

ඒ අනුව දහස් ගණනකින් යුතු ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ නිලධාරින්ට කැනඩාවට ඇතුළුවීම තහනම් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සමඟ හමුදාමය, දේශපාලනීය හා ආර්ථිකව සමීපව කටයුතු කරන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදා සාමාජිකයන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවකින් යුතු හමුදාවකි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *