Latestවිදේශීය

ඊශ්‍රායෙල් හමුදා අමානුෂිකයි, අවිආයුධ ලබාදීම වහා නතර කළ යුතුයි

ඊශ්‍රායලයට අවිආයුධ ලබාදීමේ නිරත රටවල් සහ ව්‍යවසායන් එම ක්‍රියාව වහාම නතර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ විශේෂඥවරු 30 කට වැඩි පිරිසක් ප්‍රකාශ කරති.

Lockheed Martin සහ Northrop Grumman සමාගම් ඇතුළු ඇමරිකානු හා යුරෝපා අවි නිෂ්පාදන සමාගම් ඊශ්‍රායලයට අවි, උණ්ඩ හා සෙසු යුද උපකරණ ලබාදීම නතර කළ යුතු බව එම විශේෂඥවරු ඊයේ (20) ජිනීවා හි දී  ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියහ. අපනයන අවසරපත් අනුව සිදුකෙරෙන ගනුදෙනු ද නතර කළ යුතු බව ඔවුහු පවසති.

ඊශ්‍රායලය ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කරමින් නිවාස, සරණාගත කඳවුරු, වෛද්‍ය පහසුකම් හා ජල සැපයුම් පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය පොදු පහසුකම් රැසක් විනාශ කර ඇති බව එම නිවේදනය පෙන්වාදෙයි. එම හමුදා ප්‍රහාර දැඩි අමානුෂික වූ බවත්, විශේෂ අවධානයක් දැක්විය යුතු මානුෂීය ස්ථානවලට පවා ඊශ්‍රායල හමුදා පහර දුන් බවත් එහි දක්වා ඇත.

මේ හේතුවෙන් ඊශ්‍රායල‍යට අවි සපයන සමාගම් මගින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය බරපතල ලෙස උල්ලංඝනය විය හැකි බව ද එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *