Latestදේශීය

පොසොන් පොහොය අදයි

ශ්‍රී ලාංකික ජනතාවගේ ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් අතිමහත් බැතියෙන් සමරනු ලබන පොසොන් පුර පසලොස්වක පොහොය දිනය අදට (21) යෙදී තිබේ.

ලංකාවට බුදු දහම රැගෙන මිහිඳු රහතන් වහන්සේ මිහින්තලා පව්වට වැඩම කළේද අද වැනි දිනකය.

මිහිඳු මහ රහතන් වහන්සේ සමග ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකත් එක්වී සිටි බවට බෞද්ධ ඉතිහාසයේ ඉගැන්වේ.

දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදු වූයේද අද වැනි පොසොන් පොහොය දිනක බව සඳහන් වේ.

මිහින්තලා පව්වේදී භණ්ඩුක උපාසක පැවිදිකොට මහණ උපසම්පදාව සිදුකිරීම පොසොන් පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිදුවීමකි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *