Latestදේශීය

පොහොට්ටු රනිල් ගැටුම මහදවාලෙම කරලියට

ඔබට අප එක පාරක් එපා නම් අපට ඔබව සිය වරක් එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වූ හමුවකදී සඳහන් කර ඇත.

රාජපක්ෂවරුන් කිසිදු පීඩනයකට යටත් වීමට සූදානම් නැති බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ පොදු ජන පෙරමුණෙන් කැඩී වෙන්ව ගොස් ජනාධිපතිවරයාට සහාය දක්වන කණ්ඩායම වෙතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලද සාකච්ඡාවකට බැසිල් රාජපක්ෂ මහතා ද සහභාගි වී සිටි අතර එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර තිබුණේ පොදු ජන පෙරමුණ නොවන පුළුල් සන්ධානයක් ලෙස කටයුතු කල යුතු යයි ජනාධිපතිට සහය දෙන සෙසු පක්ෂ සහ කණ්ඩායමලින් ඉල්ලීමක් පවතින බවයි.

එහිදී හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණින් බිඳී ගිය කණ්ඩායමේ නියෝජිතයන් පැමිණ සිටීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇති බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඔබට අප එකවරක් එපා නම් අපට සිය වතාවක් ඔබ එපා යනුවෙනි.

තමන් මෙම රැස්වීමට සහභාගි වුවේ ජනාධිපතිවරයා විසින් තමන්ගෙන් කළ ඉල්ලීමක් පරිදි ඊට ගරු කිරීමක් ලෙස බවත් එසේ නැතහොත් රාජපක්ෂලා මෙලෙස යටපත් කර නොහැකි බවත් සඳහා සඳහන් කර ඇත.

පොදුජන පෙරමුණ සමග කටයුතු කරනවාද නැතිනම් එයින් කැඩී ගිය කණ්ඩායම් සමග කටයුතු කරනවාද යන්න තීරණය කිරීම ජනාධිපතිවරයාට විවෘත බවද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *