ෆොන්සේකා යන්න – හේෂා විතානගේ කියයි
සමගි ජන බලවේගයේ සිටීමට නොහැකි නම් පක්ෂයෙන් ඉවත්ව යන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට දන්වා සිටින බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
ජ්‍යේෂ්ටයන් රැසක් පක්ෂයේ සිටියදී ෆොන්සේකා මහතාට පක්ෂයේ සභාපතිකම ලබා දුන්නේ යුද වීරයෙක් ලෙස ගෞරවයක් ලබාදීමට බවද හෙතෙම පැවසීය.
සරත් ෆොන්සේකා මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට එල්ල කළ දැඩි විවේචනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

