Latestවිදේශීය

පකිස්ථානයේ වායු දූෂණය අසාමාන්‍ය ලෙස ඉහළට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර සහ තදාසන්න පළාත්වල ජලය කාර්මික අපද්‍රව්‍ය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය හා පිරිපහදු නොකළ ගෘහස්ථ අපද්‍රව්‍ය ඇතුළු විවිධ ආකාරයෙන් දූෂණය වීම හේතුවෙන් වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි එරට පළවන ‘ඩෝන්‘ ඉංග්‍රීසි පුවත්පත වාර්තා කළේය. නියාමනය නොකළ ඉදි කිරිම් සහ පරිසර දූෂණය අවම කිරීමේ ක්‍රියාමාර්ග හිඟකම හේතුවෙන් එම තත්ත්වය වර්ධනය වී ඇතැයි ද ඩෝන් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.

ජලයේ ගුණාත්මකභාවය පිරිහීම මහජන සෞඛ්‍යයට හා ජලජ ජීවින්ට බරපතළ තර්ජනයක් එල්ල කර ඇති අතර, වාහනවලින් සිදුවන වායු විමෝචනය සහ වේගවත් කාර්මිකකරණය ද වායු ගෝලයේ අංශු පදාර්ථ මට්ටම ඉහළ යෑමට හේතු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. පාකිස්තාන පරිසර ආරක්ෂණ ඒජන්සිය සඳහන් කර ඇත්තේ එරට උද්ගත වී ඇති වායු දූෂණය හේතුවෙන් ජනතාව අතර ශ්වසන රෝග, හෘද රෝග සහ නිදන්ගත රෝග මතු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *