Latestවිදේශීය

ඇමරිකාවේ විරෝධයට අභියෝග කරමින් පුටින් වියට්නාමයට

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ආසියානු සංචාරයේ දෙවැනි හා අවසන් අදියර ලෙස වියට්නාම සංචාරය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියාවේ සංචාරය නිමා කර වියට්නාමයට ගිය පුටින් හැනෝයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් වියට්නාමයට සේන්දු වූ බවත්, එරට නියෝජ්‍ය අගමැති ට්‍රැන් හොං හා සහ රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් ඔහු රතු පලස් මතින් පිළිගත් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

රුසියානු ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරයට අමෙරිකාවේ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි ද, එම සංචාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව කියමින් වියට්නාමයේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවා වන අමෙරිකාව වියට්නාමයට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *