Latestදේශීය

ජයශංකර් ආවේ බලකරන්න – විමල් වීරවංශ

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයසංකර් මහතා මෙරටට පැමිණියේ ‍ව්‍යාපෘති දහයකට දොළහකට බල කර එකඟ කරවා ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මෙරට පුද්ගලයන්ගේ ජීව දත්ත සහිත විශේෂ හැඳුනුම්පත් ගිවිසුමට අත්සන් කිරීම ද මෙම ව්‍යාපෘති අතරට ඇතුළත් බවත් හෙතෙම පැවසීය.

මේ පිළිබඳව පැහැදිලි කිරීමක් රජයේ පාර්ශවයෙන් කළ යුතු බවද න්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

‘ජීව දත්ත ඇතුළත් කෙරෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ විශේෂ හැඳුනුම්පත් ව්‍යාපෘතිය සහ අදානි මහතාට අයත් විදුලි ව්‍යාපෘතිය ඇතුළුව ව්‍යාපෘති 10ක් 12ක් සඳහා බලකර එකඟතාව ලබා ගැනීමට.

ඊළඟ දිගුව ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අගෝස්තු එන්න නියමිත බව දැනගන්න තියෙනවා. ඉන්දීය විදේශ ඇමැතිවරයා පැය කිහිපයකට එන්නේ මොනවට ද ඇවිල්ල කරන ව්‍යාපෘති මොනවද කියලා මේ සභාවට අනාවරණය කරන්න.

බරපතළ කාරණය තමයි මේ ව්‍යාපෘති අතර පවතින හැඳුනුම්පත් සම්බන්ධ ව්‍යාපෘතිය.එම ව්‍යාපෘතිය මගින් දෙපාර්මේන්තුව සතුව තිබිය යුතු සියලු දත්ත ඉන්දියානු සමාගමට යනවා. අපි ආර්ථික වශයෙන් තදබල ලෙස අර්බුදයක ඉන්න වෙලාවක අසල්වැසියා ඇවිල්ලා තදබල ලෙස බලපෑම් කරලා බලකරලා බෙල්ල මිරිකලා බලපෑම් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම අයුක්ති සහගතයි’

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *