පිල්ලෙයාන්ගේ සහ කරුණා අම්මාන්ගේ සහය රනිල්ට
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ විනයාගමූර්ථි මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන දෙදෙනාම රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන බව මේ වනවිට ප්‍රකාශ කර තිබේ.
ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස මුල සිටම රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කරමින් සිටී. ඒ අතර විනයාගමූර්ථි මුරලිදරන් පසුගිය 18 වෙනි දින පානදුරේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවකදී එයට එක්වී ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් තම සහයෝගය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.
එල්ටීටීඊ සංවිධානයේ ප්රමුඛ පෙළේ ත්‍රස්තවාදී කටයුතුවලට නායකත්වය දුන් මෙම දෙදෙනාම පසුව මහින්ද රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ පවුල් පාලනයට සම්බන්ධ වී නව තම දේශපාලන පැනීම ලෙස රනිල් වික්‍රමසිංහ තෝරාගෙන තිබේ.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

