Latestදේශීය

කථානායක තීරණත් රනිල්ට අදාල නැත

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණයට පයින් ගසා රීලෝඩ් ක්‍රමයට නීතිපතිගේ සේවා දිගුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව අනාවරණය වේ.

මේ වනවිට දැඩි ආණ්දෝලනයකට තුඩු දී තිබෙන නීතිපතිගේ සේවා දිගුව ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතරයකගේ ඡන්දය ලබා දී තිබේ. ජනාධිපතිගේ යෝජනාවට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 03ක් පමණක් වන අතර එයට විරුද්ධව ඡන්ද 05ක් ලැබී ඇත. මෙයට පෙර අවස්ථා දෙකකදී ආණ්ඩුක්‍රම ව්‍යයස්ථා සභාව අවස්ථා දෙකකදීම තීරණයක් ගත නොහැකිව විසිරී ගොස් තිබිණි.

වත්ම්න නීතිපති සංජය රාජරත්නම්ට මෙලස සේවා දිගුවක් ලබා දුනහොත් එය ඉතිහාසයේ පළමුවරට නීතිපතිවරයෙකු වෙනුවෙන් ලබාදෙන සුවිශේෂී වරප්‍රසාදයක් බව විශ්ලේෂකයින් පෙන්වා දී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සේවා දිගුව ලබාදීම වෙනුවෙන් තම සියලු බලය යොදවන්නේ අගවිණිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යාමෙන් පසුව එම තනතුර සඳහා සංජය රාජරත්නම් පත්කිරීමේ අපේක්ෂාවෙන් බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

පොලිස්පත් ධුරයට දේශබන්දු තෙන්නකෝන් පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මූලික නීති රීති පවා නොතකා හරිමින් කතා නායකගේ ඡන්දය යොදා ගනිමින්ය. එය ආකාරයෙන්ම නීතිපතිගේ සේවා දිගුව සඳහාද එම ව්‍යවස්ථා සභාවේ තීරණය පසෙකට දමා උපක්‍රම ශීලීව රීලෝඩ් ක්‍රමයටසේවා දිගුව ලබා දීමේ සූදානමක් පවතී.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *