Latestදේශීය

සයිබර් අපරාධ මැඩලීමට පාසැල් හී ආරක්ෂණ වැඩසටහනක්

(නෙත්මි පූජනී රත්නායක)

සමාජ මාධ්‍ය ආශ්‍රිතව දිනපතා වාර්තා වන විවිධ සයිබර් අපරාධ හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් ආරක්ෂාකාරිව සමාජ මාධ්‍ය වේදිකා භාවිතය සම්බන්ධව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුභවතුන් දැනුවත් කිරීමේ සයිබර් ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා සර්ට් ආයතනයත් එක්ව කටයුතු සංවිධානය කර ඇත.

සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතය පිළිබඳ ඇති නොදැනුවත්භාවය සහ නොසැලකිල්ල හේතුවෙන් පාසල් දරුදැරියන් අවස්ථා ගණනාවකදීම සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරු බවට ද පත්ව තිබේ. කලාප අධ්‍යාපන කාර්යාල හා පළාත් මට්ටමින් තොරතුරු තාක්ෂණ විෂයය උගන්වනු ලබන ගුරුවරුන් හා ජ්‍යෙෂ්ඨ පාසල් සිසු සිසුවියන් ගෙන් සමන්විත කණ්ඩායම් පුහුණු කර, ඒ කණ්ඩායම් හරහා විවිධ සයිබර් අපරාධ පිළිබඳ දැනුවත් කිරීමත් එවැනි අපරාධවලින් ආරක්ෂා විය හැකි ආකාරය පිළිබඳ පුළුල් දැනුමක් හා අවබෝධයක් දීමත් මේ වැඩසටහන මඟින් සිදු වන බව මෙම වැඩපිළිවෙළ පිළිබඳ ‘දිනමිණට’ අදහස් දැක්වූ ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *