උඩරට දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටේ
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ අධික වැසි සමග අධික සුළං තත්ත්වයක් පැවතිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට අද (23) අලුයම ගසක් කඩා වැටී තිබුණි.
අධික සුළං තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රෝස් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකින්ම ගස් කඩා වැටිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට අද අලුයම සිට බාධා පැමිණ ඇත.
දුම්රිය මාර්ගය කඩා වැටි ඇති ගස කපා ඉවත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර , දුම්රිය මාර්ගයට කඩා වැටුණු ගස් කපා ඉවත් කරන තෙක් නානුඔය සිට කොළඹ දක්වා ධාවනය කල ටිකිරි මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර ඇති අයුරු දක්නට ලැබුණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

