ඊශ්‍රායල් හමුදාවේ අමානුෂිකත්වය විවිධ පාර්ෂවයන් හී විවේචනයට
පලස්තීනයේ බටහිර ඉවුරේ ජෙනින් නුවර වැටලීමක් අතරතුර දී තුවාල ලැබූ පලස්තීන ජාතිකයකු හමුදා ජීප් රථයක ඉදිරිපස ගැටගසා රැගෙන යෑමෙන් එම නිලධාරීන් හමුදා නීතිය උල්ලංඝනය කළ බවට ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදාව පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා සිදුවූ එම වැටලීමේදී අදාළ පලස්තීන ජාතිකයා ඊශ්‍රායල වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා ඇති අතර, පලස්තීන ජාතිකයන් පිරිසක් එම සිදුවීම වීඩියෝගත කර සමාජ මාධ්‍යජාලයට මුදා හැරීමෙන් ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ. ඊශ්‍රායල හමුදාව සතු ජීප් රථයක බොනට්ටුවේ ගැටගසා එම පුද්ගලයා රැගෙන ගොස් ඇති අතර, පසුව ඔහු රතු කුරුස සංවිධානයට බාර දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
එම සිදුවීම පිළිබඳ කඩිනම් විමර්ශනයක් පවත්වන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර අප්‍රසාදයට ලක්වූ එම සිදුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවධානයට ලක් වූ ඇතැයි ද වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

