ජනාධිපතිගේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා – ජී එල් පීරිස්
(යොහාන් භාසුර)
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා ආයතන කිහිපයෙන් අධිකරණයට විශේෂ ස්ථානයක් හිමිවන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අපහාස කිරීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (24) පැවසීය.
මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
ජනාධිපතිවරණය කල්දැමීම සඳහා රජය නොයෙකුත් උපක්‍රම යොදමින් සිටිය ද මොන උපක්‍රම යෙදුව ද ජනාධිපතිවරණය කල්දැමිය නොහැකි බව කී මහාචාර්යවරයා ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සර්ව සාධාරණ මැතිවරණ විය යුතු බව ද සඳහන් කළේය.
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් රජයේ නොයෙකුත් දේවල් මහජනතාවට බෙදා දුන්න ද මහජනතාව එයට නොරැවටිය යුතු බවත් උපදේශක ප්‍රජා සභා මගින් සිදුවන්නේ දේශපාලනික ක්‍රියාදාමයක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

