Latestදේශීය

පලාත් කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ  වැසිවාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *