විජයදාස පොහොට්ටුවෙන් ඉවතට
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත් කිරීමේ යෝජනාව හෙට දිනයේ එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
තම පක්ෂයේ සාමාජිකත්වය දරමින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයත් සාමාජිකත්වයක් ලබා ගැනීම ඔහුට එරෙහිව එල්ල වන චෝදනාවයි.
ඒ හරහා අමාත්‍යවරයා පක්ෂයේ ව්‍යවස්ථාව කඩ කර ඇති බවද එම පෙරමුණ සඳහන් කරයි.
මෙම කාරක සභාවේ අනුමැතියෙන් පසු අමාත්‍යවරයා සම්බන්ධයෙන් පියවර ගැනීමට විනය කමිටු වෙත බලය පැවරීමට නියමිතව ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

