අදානිගේ සුළං විදුලි බලාගාර 2ට අනුමැතිය නැහැ
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිරි කිරීමට නියමිත මෙගාවොට් 480ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රදානය කිරීමට අනුමැතිය දීම මහජන උපයෝගිතා කොමිසම විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ.
එම ව්‍යාපෘතියේ විදුලි මිලදීගැනීම සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය සහ අදානි සමාගම අතර ගිවිසුමේ මූලික තොරතුරු මහජන උපයෝගිතා කොමිසම වෙත ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබුණද එම තොරතුරු මෙතෙක් ලැබී නැති බවත් එම තොරතුරු නොමැතිව එම ව්‍යාපෘති සම්බන්ධයෙන් අධ්‍යනය කළ නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසම අවධාරණය කරයි.
මෙම විදුලි ව්‍යාපෘතිවලට අදාළ පරිසර ඇතුළු මූලික ශඛ්‍යතා වාර්තා හෝ මෙතක් කොමිසම වෙත ලබා දී නැතැයිද වාර්තා වේ.
එම තොරතුරු නොමැති විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති පරිදි විදුලිබල පනත යටතේ මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාරවලට අනුමැතිය දිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

